Sunday, June 12, 2011

පුංචි කාලේ




ඉස්සර මං මොන්ටිසෝරි යන්න කැමතිම නෑ. ඒ අපේ මොන්ටිසෝරි ටීචර් හරිම සැර නිසා. ඔන්න ඉතින් දවසක් මම මොන්ටිසෝරි යන්න බෑ කියලම අඩුවා.අම්මා ඇයි කියලා අහුවාම මං අඩ අඩ කිව්වා ''අම්මෙ එයා ගහනවා ලමයින්ට,එයා හරිම නපුරුයි කියල''. එදයින් පස්සෙ මම ඒකට ගියෙ නෑ.ගෙවල් පැත්තෙ තිබ්බා තිමති පෙර පාසල කියල එකක්.එකට ගියා.ඒකෙ ටීචර් නම් හරිම හොදයි.හැමදේම හොදින් ආදරෙන් කියලා දුන්න. අදටත් ඒ මිස්ව දැක්කම එදා කතා කරපු විදියටම ආදරෙන් කතා කරනවා.
         ඔන්න ඉතින් මොන්ටිසොරි යන කාලෙ ඉවර වෙලා ඉස්කෝලෙ යන්න පටන් ගත්තා.හොද යාලුවො ටිකක් හම්බවුනා.ඒ කාලෙනම් ඉතින් මං කොල්ලෙක් වගේ කොන්ඩෙ කපල තමයි හිටියෙ.පිරිමි ලමයි ගැහැනු ලමයි කියල අපිට ගානක් තිබ්බෙ නෑ.බත් එකක් ගෙනාවම ඔක්කොම එකට තමයි කන්නෙ.ඉන්ටවල්  ඉවර වෙන්න කලින් කොහොමහරි කාල ඉවර වෙලා යාලුවො ටිකත් එක්ක පිට්ටනිය වටේ දුවලා සෙල්ලම් කරලා තමයි අපහු පන්තියට එන්නෙ.ඒ අවුරුදු 5ත් ගෙවුනා. ශිෂ්‍යයත්වෙත් ආවා.විභාගෙන් පාස් වෙලා වෙන ඉස්කොලෙකට යන්න වුනා.යලුවො ටික දල යන්නත් දුකයි ඒත් මොනා කරන්නද දුකෙන් වුනත් යන්න වුණා මට.
           හෆොයි.......අලුත් ඉස්කෝලෙකටත් ආවා එහෙනම්.ඒක ගැන අනිත් පොස්ට් එකේ දාන්නම්කො.....

4 comments:

Janitha said...

ආගන්තුකයා නම් උපන් දා පටන් එකම ඉස්කෝලෙ... මැරෙන්නෙත් ඒකෙ... යාලුවො දාලා යන්න උනේ නැති ‍එක ආගන්තුකයාට නම් ලොකු දෙයක්.. අනිත් පෝස්ට් එකත් ‍ඉක්මනටම ලැබෙයි නෙ...

පන්සල් හංදිය said...

පුංචි කාලේ තරම් ලස්සන කාලයක් තවත් නැහැ ....

Sandu said...

හ්ම්ම්ම්ම්ම්ම්ම්.....ඔව් ඒක ඇත්ත.

අසරණයා said...

මං මොන්ටිසොරි ගිය ටික දවසයි මට කට්ටියක් ඉස්සරහ කතා කරන්නත් බෑ සින්දු කියන්නත් බෑ ලැජ්ජයි

Post a Comment