Friday, June 17, 2011

ආච්චි අම්මා

මට අද වගේ මතකයි ඉස්සර අපේ ආච්චි අම්මා අපේ ගෙදර එනකොට මායි අක්කයි ඈත ඉදන්ම දුවගෙන යනව පාරට.කොච්චර දාඩිය පෙරගෙන ආවත් අපිට ඒක ගානක් තිබ්බෙ නෑ. අපි ඉතින් පාරෙ ඉදන් ගෙදරට එනකන්ම ආච්චි අම්මව බදාගෙන තමයි එන්නෙ.
                             එක දවසක් ආච්චි අම්මව ඉස්පිරිතාලේ නවත්තන්න වුනා.ඒ දවස් වෙනකොට මං හිටියෙ 4 වසරේ. ආච්චි අම්මට හොදටම අමරු වුනා. එක දවසක් පාන්දර අපේ ගෙදරට කෝල් එකක් ආවා. එවෙලෙ මායි අක්කයි හොදටම නිදි. අම්මා අපේ කාමරේට ඇවිත් අඩ අඩ මොකද්ද මන්දා කිව්වා. අක්කත් අඩන්න ගත්තා. ඒ වෙනකනුත් මන් දැනගෙන හිටියෙ නෑ ඒ ඇයි කියලා. ඊට පස්සෙ දවසෙයි මං දැනගත්තෙ මායි අක්කයි පාරට වෙනකල් දුවගෙන ගිහින් ගෙදරට එනකන්ම සාරි පොටේ එල්ලිලා ආපු කෙනා මට නැති වුනා කියලා. අම්ම මට බැන්නම,දුක හිතුන වෙලාවට හෑමදෙයක්ම කියන්න හිටපු මගේ හිත හදපු කෙනාව මට නෑති වුනා කියලා.
                    අදටත් ඒ දුක මට ගොඩක් දැනෙනවා. දැනෙන දුක කියන්න, ආදරෙන් මගෙ හිත හදන්න ආයෙ ඒ වගේ කෙනෙක් ලෑබෙන්නෙ නැති නිසා........

7 comments:

ආගන්තුකයා said...

පියේහි විප්පයෝගෝ දුක්ඛෝ...
මේ ජීවිතේ අපිට ඕන දේ විතරක් වෙනවා නම්, කොච්චර සුන්දර ද...

Sandu said...

හ්ම්ම්ම්ම්....ඔව් අයියා.

පන්සල් හංදිය said...

ඕක ඔයිට වඩා දැනෙනවා ආච්චි කෙනෙක් ලඟම හැදුන කෙනෙකුට, මම විඳලා තියනවා ඒ වේදනාව .......

Sandu said...

ඇත්ත ඒත් ඒ දුක ගොඩක් දැනෙන්නෙ එයා අපි ලගින්ම හිටිය නිසා...

පිස්සා පලාමල්ල said...

ජිවිතේ ඔහොම තමයි.... ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්... අපි හැමෝටම එකට මුන දෙන්න වෙනවා...

කතන්දර Kathandara said...

අපි කාටත් දවසක යන්න වෙනවා!
පොඩි කාලේ ඕවා දරන්න අමාරුයි.

Naleen Dilruksha said...

අපේ පුංචි සංදිය හුගාක් රසවත් වුණේ ත් ලස්සන වුණේත් ආචිචියි සියයි හිටිය නිසා තමා..
එන්න සමකය වටේ රවුමක් යන්න

Post a Comment