Friday, June 17, 2011

ආච්චි අම්මා

මට අද වගේ මතකයි ඉස්සර අපේ ආච්චි අම්මා අපේ ගෙදර එනකොට මායි අක්කයි ඈත ඉදන්ම දුවගෙන යනව පාරට.කොච්චර දාඩිය පෙරගෙන ආවත් අපිට ඒක ගානක් තිබ්බෙ නෑ. අපි ඉතින් පාරෙ ඉදන් ගෙදරට එනකන්ම ආච්චි අම්මව බදාගෙන තමයි එන්නෙ.
                             එක දවසක් ආච්චි අම්මව ඉස්පිරිතාලේ නවත්තන්න වුනා.ඒ දවස් වෙනකොට මං හිටියෙ 4 වසරේ. ආච්චි අම්මට හොදටම අමරු වුනා. එක දවසක් පාන්දර අපේ ගෙදරට කෝල් එකක් ආවා. එවෙලෙ මායි අක්කයි හොදටම නිදි. අම්මා අපේ කාමරේට ඇවිත් අඩ අඩ මොකද්ද මන්දා කිව්වා. අක්කත් අඩන්න ගත්තා. ඒ වෙනකනුත් මන් දැනගෙන හිටියෙ නෑ ඒ ඇයි කියලා. ඊට පස්සෙ දවසෙයි මං දැනගත්තෙ මායි අක්කයි පාරට වෙනකල් දුවගෙන ගිහින් ගෙදරට එනකන්ම සාරි පොටේ එල්ලිලා ආපු කෙනා මට නැති වුනා කියලා. අම්ම මට බැන්නම,දුක හිතුන වෙලාවට හෑමදෙයක්ම කියන්න හිටපු මගේ හිත හදපු කෙනාව මට නෑති වුනා කියලා.
                    අදටත් ඒ දුක මට ගොඩක් දැනෙනවා. දැනෙන දුක කියන්න, ආදරෙන් මගෙ හිත හදන්න ආයෙ ඒ වගේ කෙනෙක් ලෑබෙන්නෙ නැති නිසා........

Sunday, June 12, 2011

පුංචි කාලේ




ඉස්සර මං මොන්ටිසෝරි යන්න කැමතිම නෑ. ඒ අපේ මොන්ටිසෝරි ටීචර් හරිම සැර නිසා. ඔන්න ඉතින් දවසක් මම මොන්ටිසෝරි යන්න බෑ කියලම අඩුවා.අම්මා ඇයි කියලා අහුවාම මං අඩ අඩ කිව්වා ''අම්මෙ එයා ගහනවා ලමයින්ට,එයා හරිම නපුරුයි කියල''. එදයින් පස්සෙ මම ඒකට ගියෙ නෑ.ගෙවල් පැත්තෙ තිබ්බා තිමති පෙර පාසල කියල එකක්.එකට ගියා.ඒකෙ ටීචර් නම් හරිම හොදයි.හැමදේම හොදින් ආදරෙන් කියලා දුන්න. අදටත් ඒ මිස්ව දැක්කම එදා කතා කරපු විදියටම ආදරෙන් කතා කරනවා.
         ඔන්න ඉතින් මොන්ටිසොරි යන කාලෙ ඉවර වෙලා ඉස්කෝලෙ යන්න පටන් ගත්තා.හොද යාලුවො ටිකක් හම්බවුනා.ඒ කාලෙනම් ඉතින් මං කොල්ලෙක් වගේ කොන්ඩෙ කපල තමයි හිටියෙ.පිරිමි ලමයි ගැහැනු ලමයි කියල අපිට ගානක් තිබ්බෙ නෑ.බත් එකක් ගෙනාවම ඔක්කොම එකට තමයි කන්නෙ.ඉන්ටවල්  ඉවර වෙන්න කලින් කොහොමහරි කාල ඉවර වෙලා යාලුවො ටිකත් එක්ක පිට්ටනිය වටේ දුවලා සෙල්ලම් කරලා තමයි අපහු පන්තියට එන්නෙ.ඒ අවුරුදු 5ත් ගෙවුනා. ශිෂ්‍යයත්වෙත් ආවා.විභාගෙන් පාස් වෙලා වෙන ඉස්කොලෙකට යන්න වුනා.යලුවො ටික දල යන්නත් දුකයි ඒත් මොනා කරන්නද දුකෙන් වුනත් යන්න වුණා මට.
           හෆොයි.......අලුත් ඉස්කෝලෙකටත් ආවා එහෙනම්.ඒක ගැන අනිත් පොස්ට් එකේ දාන්නම්කො.....

Tuesday, June 7, 2011

සිහිනයක ආරම්භය







සිහිනයක් කියන්නනෙ අපි කවුරුත් මවන්න දකින්න ආස දෙයක් මේ පුංචි සුරංගනාවිත් ඒ අයගෙන් එක්කෙනෙක් ආදරය,සතුට,සිනහව වගේම වෛරය,දුක කදුලු,පිරුණු මගේ සිහිනයේ ඇරඹුම මෙයයි....
                        බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තත් ලියන්න තරම් වෙලාවක් තිබ්බෙ නැති වුණත් කියන්න ලියන්න දේවල් කොච්චර තිබ්බත් ඒවා කොහොම කරන්න ඕනෙද කියල ලොකුවට තේරෙන්නෙ නැති වුණත් අද ඉදන් ටිකක් උත්සාහ කරල බලන්නේ හිතේ පුංචි අහිංසක බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.....
       මගේ සිහිනය දකින්න එන ඔයාලා වැරදි තැනක් එහෙම දැක්කොත් මේ සුරංගනාවිට කියල දෙන්න.....